Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

10th June 2024 18:05:21 Hours

විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ 27 වන වාර්ෂික මහසභා රැස්වීම සාර්ථකව පැවැත්වේ

විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ 27 වන වාර්ෂික මහසභා රැස්වීම 2024 ජුනි මස 02 දින විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු මූලස්ථානයේදී එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනි තුෂාරා යටිවාවල අලුවිහාරේ මහත්මියගේ මඟපෙන්වීම මත පැවැත්විණි.

විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ අරමුණු ඵලදායි ලෙස සාක්‍ෂාත් කරගැනීම සඳහා සියලු සාමාජිකයන් අතර එකමුතුකම පවත්වාගැනීමේ අවශ්‍යතාවය සහ ධනාත්මක ආකල්ප ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ අවධාරණය කරමින් එම සේවා වතිතා ශාඛාවේ සභාපතිනි දේශනයක් පවත්වන ලදී.

මෙම අවස්ථාවේදී, විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයන් වෙත ත්‍යාග පාර්සල් 29 ක් ප්‍රදානය කරන ලදී. මීට අමතරව, විජයබාහු පාබල රෙජිමේන්තු සාමාජිකයෙකුගේ දියණියගේ පිළිකා රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා රු. 50,000.00 ක මූල්‍ය පරිත්‍යාගයක් කරනු ලැබීය. එමෙන්ම, තවත් විජයබාහු පාබල රෙජිමේන්තු සාමාජිකයෙකුගේ පුතනුවන්ගේ විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීම සඳහා රු. 50,000.00 මූල්‍ය පරිත්‍යාගයක් සිදුකරනු ලැබීය.

මෙම අවස්ථාවේදී, නර්තන උපදේශක සහන් දීප්ත මහතා විසින් බටහිර නර්තනය පිළිබඳ අර්ථවත් දේශනයක් පවත්වන ලදී. ඉන් අනතුරුව, විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩියූ පීඑස්සී විසින් එම සේවා වනිතා ශාඛාවේ අරමුදල ශක්තිමත් කිරීම වෙනුවෙන් එම ශාඛාවේ සභාපතිනිය වෙත රු. 500,000.00 ක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකළේය.

වැඩසටහනේ සමාප්තිය සනිටුහන් කරමින් මහසභා රැස්වීමට සහභාගී වූ සියලු සාමාජිකයන් වෙත ඔසු පැළ පරිත්‍යාග කෙරිණි.