Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

10th June 2024 17:53:25 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහසභා රැස්වීම පැවැත්වේ

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහසභා රැස්වීම 2024 ජූනි මස 08 දින හෙරලියාවල ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය සහභාගී විය.

මෙම අවස්ථාවට සුවිශේෂීත්වයක් එක්කරමින් මහසභා රැස්වීම පැවැත්වීමට ප්‍රථම ජානකී ලියනගේ මහත්මිය විසින් විශේෂ අවශ්‍යතා සහිත ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සාමාජිකයෙකුගේ දරුවෙකු වෙනුවෙන් රෝද පුටුවක් පරිත්‍යාග කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් ද සහභාගී වූහ.