Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

07th June 2024 16:55:00 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් මෝදර ශාන්ත ජෝන්ස් විද්‍යාලයට රුපියල් 100,000.00 ක පරිත්‍යාගයක්

75 වන යුද්ධ හමුදා දින සැමරුම් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් මෝදර ශාන්ත ජෝන්ස් විද්‍යාලයේ සිසු සිසුවියන් 134 දෙනෙක්, ගුරු භවතුන් 13 දෙනෙක් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් 03 දෙනෙකුගේ ප්‍රයෝජනය වෙනුවෙන් මාස දෙකකට ප්‍රමාණවත් වන රුපියල් 100,000.00 ක වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක පරිත්‍යාග කරනු ලැබීය.

මීට අමතරව, එම විද්‍යාලීය සිසු සිසුවියන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් ලිපිද්‍රව්‍ය සහ රසකැවිලි ද පරිත්‍යාග කෙරිණි. ඉන් අනතුරුව, එම සිසු සිසුවියන් වෙත ප්‍රණීත භෝජන සංග්‍රහයක් පිරිනැමීමෙන් අනතුරුව විනෝදාත්මක වැඩසටහන් ද පැවැත්වීය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ආචාර්ය හිමාලි නියංගොඩ මහත්මිය සහභාගී විය.