Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

05th June 2024 17:57:03 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ සේවා වනිතා ශාඛාව මගින් ආගමික වැඩසටහන් මාලාවක් පවත්වයි

මෙරට භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය සුරක්ෂිත කිරීම සඳහා රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට ආශීර්වාද එක් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ සේවා වනිතා ශාඛාව මගින් 2024 ජුනි මස 01 සහ 02 යන දිනයන්හිදී ආගමික වැඩසටහන් මාලාවක් පවත්වන ලදී.

එහි පළමු වැඩසටහන වශයෙන් සෝමාවතී රජමහා විහාරස්ථානයේදී බෝධි පූජා පිංකමක් පැවැත්වූ අතර, එම ස්ථානයේම බෙලිමල් දන්සලක්ද පැවැත්වීය. අනතුරුව ජූනි මස 02 දින මහා සංඝරත්නය 10 නමක් උදෙසා දානමය පිංකමක් පවත්වන ලදී. මෙම ආගමික වැඩසටහන් මාලාව සඳහා 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින් සහභාගී වූහ.

මෙම ආගමික වැඩසටහන් මාලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඉරේෂා ප්‍රනාන්දු මහත්මියගේ උපදෙස් මත ආඥාපති භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානය - යාපනය සහ යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඊ.එම්.එම්. ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඕ ගේ අධීක්‍ෂණය යටතේ සිදුකරනු ලැබීය.