Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

04th June 2024 17:49:14 Hours

ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ලෙස උදිතා පෙරේරා මහත්මිය රාජකාරි අරඹයි

ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ලෙස උදිතා පෙරේරා මහත්මිය එම රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී 2024 මැයි මස 30 දින පැවති උත්සවයකදී රාජකාරි භාරගත්තාය.

රෙජිමේන්තු මූලස්ථානය වෙත සැපමිණි උදිතා පෙරේරා මහත්මිය එම සේවා වනිතා ශාඛාවේ ලේකම් අරුණි චන්ද්‍රසේකර මහත්මිය විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. අනතුරුව එතුමිය සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරී භාර ගන්නා ලදී.

තම ධූරයේ රාජකාරි භාර ගැනීමේන් අනතුරුව එතුමිය පැමිණ සිටි සාමාජිකාවන් අමතමින් තම ඉදිරි දැක්ම සහ සැලසුම් පිළිබඳව සඳහන් කළාය.

නව සභාපතිනිය ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සමඟින් සුහඳ අදහස් හුවමාරු කරගත් අතර, එහිදී එතුමිය වෙත එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සුභ පැතුම් පිරිනමන ලදී. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් නිලධාරී නිවස්නයේ උදිතා පෙරේරා මහත්මිය වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විණි.