Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

04th June 2024 17:36:46 Hours

ජානකී ලියනගේ මහත්මිය යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ධූරයේ රාජකාරි භාරගෙන වසර දෙකක් සැපිරෙයි

ජානකී ලියනගේ මහත්මිය යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වශයෙන් ධූරයේ රාජකාරි භාරගෙන වසර 02 ක් සැපිරීම නිමිත්තෙන් 2024 ජුනි මස 03 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සේවා වනිතා කාර්යාලයේදී වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන ලදී.

පූජ්‍ය වතුරවිල සිරි සුජාත ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මෙම සැමරුම් වැඩසටහන ආරම්භ වූ අතර ඊට සමගාමීව, යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ආර්ථික අපහසුතා අවම කිරීමේ අරමුණින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් වෙත වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් ද එතුමියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

මෙම සැමරුම් උත්සවයට සමගාමීව, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය විසින් දැඩි සත්කාර ඒකකයන්හි භාවිතා කරනු ලබන ඇඳන් කොළඹ යුද්ධ හමුදා රෝහල වෙත පරිත්‍යාග කිරීම සඳහා ජානකී ලියනගේ මහත්මිය වෙත ලබාදෙන ලදී.