Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

02nd June 2024 19:20:40 Hours

1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ 75 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ 75 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් ප්‍රජා මූලික ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කරනු ලැබීය. ඒ අනුව, පානළුව ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඔවුන්ගේ අබලන්ව පැවති නිවස පිළිසකර කරදෙනු ලැබීය. ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ සේවා වනිතා ශාඛාවේ සභාපතිනිගේ උපදෙස් හා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාගේ නිර්දේශය මත 2024 පෙබරවාරි මස 15 දින ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය මැයි මස 29 දින අවසන් කෙරිණි.

දානපතියන්ගේ මූල්‍ය අනුග්‍රාහකත්වය හා 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් පී. වන්නිආරච්චි ගේ මඟපෙන්වීම මත 1 සහ 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ භටපිරිස් විසින් මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ශ්‍රම දායකත්වය ලබාදුන්හ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියන්ගොඩ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා සේවා වනිතා ඒකකයේ සභාපතිනි හිමාලි නියංගොඩ මහත්මිය විසින් මෙම ප්‍රතිසංස්කරණය කරනු ලැබූ නව නිවස 2024 මැයි මස 30 දින නිවාසලාභීන් වෙත නිල වශයෙන් භාරදෙනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා සුබසාධක අරමුදලේ අධ්‍යක්‍ෂ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක, 1, 2 (ස්වෙච්ඡා), 3 සහ 4 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා ඒකකයන්හී අණදෙන නිලධාරීන්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.