Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

31st May 2024 12:21:55 Hours

වෙසක් උත්සවයට සමගාමීව කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් අයිස්ක්‍රීම් දන්සැලක්

කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නිමාලි රණතුංග මහත්මියගේ සංකල්පයකට අනුව වෙසක් උත්සවයට සමගාමීව 2024 මැයි මස 26 දින ගනේමුල්ල ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී අයිස්ක්‍රීම් දන්සලක් පැවැත්වීය.

53 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරල් පී.ජී.පී.එස්. රත්නායක ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් බී.එම්.එස්.කේ.කේ. ධර්මවර්ධන ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී ගේ අධීක්‍ෂණය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

මෙම දන්සැල සඳහා ගනේමුල්ල ප්‍රදේශයේ සිවිල් වැසියන් විශාල පිරිසක් සහභාගී වූ අතර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.