Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

30th May 2024 13:34:55 Hours

යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවෙන් ප්‍රජා සත්කාරක වැඩසටහනක්

වෙසක් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි වරුණි කුලතුංග මහත්මියගේ උපදෙස් පරිදි එම සේවා වනිතා ශාඛාව විසින් දන්සල් මාලාවක් පවත්වන ලදී.

වෙසක් උත්සවය වෙනුවෙන් 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය විසින් මැයි මස 23 දින බෙලිමල් දන්සලක් සහ 4 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය වෙතින් මැයි මස 21 දින චෙඩ්ඩිකුලම් රජයේ රෝහලේදී ශ්‍රමදාන වැඩසටහනක් සහ මැයි මස 23 දින මඤ්ඤොක්කා දන්සලක් පවත්වන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.