Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

30th May 2024 13:35:18 Hours

අනුලා විජේරාම ළමා සංවර්ධන මධ්‍යස්ථානය වෙත යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවෙන් ප්‍රජා සත්කාරක වැඩසටහනක්

වෙසක් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී වරුණි කුලතුංග මහත්මියගේ උපදෙස් මත බලපිටිය, අනුලා විජේරාම ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ නේවාසික ළමුන් වෙත අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ සනීපාරක්‍ෂක ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 මැයි මස 25 දින පවත්වනු ලැබීය. එහිදී, ළමුන් වෙත තේ පැන් සංග්‍රහයක් සහ දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමූ අතර, විනෝදාත්මක සහ ගීත ගායනා කිරීමේ වැඩසටහනක් මෙන්ම ළමා චිත්‍රපටයක් ද ප්‍රදර්ශනය කරන ලදී.

එස්. පෙරේරා මෙනවිය, එස්. කොලොන්න, ශිරාණි, ධාන්‍යා වර්ණපුර යන මහත්මීන් සහ යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් මෙම වැඩසටහන සඳහා සිය අනුග්‍රාහකත්වය දැක්වූහ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී සහභාගී විය.

භටපිරිස් විසින් මැයි මස 16 සහ 17 දෙදින තුළ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීම, වැසිකිළි හා විදුලි පද්ධති අළුත්වැඩියා කිරීම, විදුලි පංකා අළුත්වැඩියා කර නැවත සවිකිරීම සහ අවට ප්‍රදේශ එළිපෙහෙළි කර පිරිසිදු කිරීමේ වැඩසටහනක් ද පවත්වන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ