Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

28th May 2024 15:20:49 Hours

සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් දානමය වැඩසටහනක්

සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්‍රශාදිනී රණසිංහ මහත්මියගේ මඟපෙන්වීම මත එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් 2024 මැයි මස 25 දින අම්බලන්ගොඩ පිහිටි වරුසවිතාන වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් මාසිකව පවත්වනු ලබන දානමය වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

මෙම අවස්ථාව සඳහා සන්නද්ධ බුද්ධි බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.