Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

28th May 2024 15:54:30 Hours

වෙසක් උත්සවය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් දන්සැල් පවත්වයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය භඨකාර්ය සම්පාදන ආඥාපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඊ.එම්.එම්. ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඕ ගේ උපදෙස් මත එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඉරේෂා ප්‍රනාන්දු මහත්මියගේ අධීක්‍ෂණය මත 2024 මැයි මස 23 දින පැවති වෙසක් උත්සවය වෙනුවෙන් දන්සැල් කිහිපයක් සංවිධානය කරනු ලැබීය.

මෙම දන්සැල් යාපනය, දොඹගොඩ හන්දිය, තිස්ස විහාරස්ථානය, වේයන්ගොඩ යුද්ධ හමුදා රෙදිපිළි ගබඩාව සහ පනාගොඩ යුද්ධ හමුදා විහාරස්ථානය යන ස්ථානයන්හිදී පැවැත්විණි. එම දන්සල් සඳහා සහභාගී වූ බැතිමතුන් වෙත බෙලිමල්, සිසිල් බීම, කොස් සහ කොත්තමල්ලි ආදියෙන් සංග්‍රහ කරනු ලැබිණි.

මෙම පුණ්‍ය කටයුත්ත සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ඔවුන්ගේ භාර්යාවන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගි වූහ.