Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

27th May 2024 17:32:55 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් 2024 මැයි මස 25 දින මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ සංචාරයක නිරතවූහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය ගේ මඟපෙන්වීම සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය භඨකාර්ය සම්පාදන ආඥාපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඊ.එම්.එම්. ප්‍රනාන්දු එච්ඩීඑම්සි එල්එස්සී ඒඒටීඕ ගේ අධීක්‍ෂණය මත මෙම සංචාරය සිදුකෙරිණි.

මෙම සංචාරය අතරතුරදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් එම ආයතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් සමඟ සුහඳ පිළිසඳරක නිරතවෙමින් නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ යහපැවැත්ම සහ අවශ්‍යතාවයන් පිළිබඳව විමසා බැලීය. අනතුරුව, ඔවුන් එම රෝගීන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කළ අතර රෝගීන්ගේ ජීවන තත්ත්වයන් ඉහළ නැංවීමේ අරමුණින් එම රෝහල් වාට්ටුවක සිවිලිමක් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබීය. මෙම සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් එම ආයතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් වෙත ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමිණී.