Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

26th May 2024 18:18:30 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් බත් සහ අයිස්ක්‍රීම් දන්සැලක් පවත්වයි

වෙසක් පුර පසලොස්වක පුන් පොහෝ දිනයට සමගාමීව, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ අධීක්‍ෂණය මත 2024 මැයි මස 24 දින දියවන්නා වෙසක් කලාපයේ පිවිසුම් දොරටුව අභියසදී බත් සහ අයිස්ක්‍රීම් දන්සලක් පැවැත්විණි.

මෙම දන්සැලේ සමාරම්භය සනිටුහන් කරමින් එදින දිවා කාලයේ යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි එක්ව සහභාගී වූවන් වෙත බත් පාර්සල් බෙදාදෙනු ලැබූහ. අනතුරුව සන්ධ්‍යාවේ බත් සහ අයිස්ක්‍රීම් දන්සල පැවැත්වුණු අතර යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි පැමිණ සිටි පිරිසට බත් පාර්සල් සහ අයිස්ක්‍රීම් බෙදාදීමේ කටයුතු ආරම්භ කළාය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ඔවුන්ගේ භාර්යාවන්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.