Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

25th May 2024 14:50:26 Hours

නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් නව නිවසක්

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමියගේ මඟපෙන්වීම මත 8 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් උකුවෙල ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකර 2024 මැයි මස 23 දින පැවති උත්සවයකදී එම නව නිවස නිවාසලාභි පවුලේ සාමාජිකයන් වෙත පවරාදෙනු ලැබීය.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් ආරම්භ කෙරුණු නව නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය තාක්‍ෂණික දැනුම සහ ශ්‍රම දායකත්වය 8 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ලබාදෙන ලදී. නව නිවස විවෘත කිරීමේ උත්සවය අතරතුරදී, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමියගේ සුරතින් නව නිවසේ යතුරු නිවාසලාභී පවුලේ සාමාජිකයන් වෙත භාරදෙනු ලැබීය.

මෙම උත්සව අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයින් සහ ප්‍රදේශවාසීන් පිරිසක් ද එක්ව සිටියහ.