Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

23rd May 2024 18:43:50 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි උදුලා කස්තුරිමුදලි මහත්මිය ගේ මූලිකත්වයෙන් 2 (ස්වෙච්ඡා) සහ 3 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා ඒකකයන්හී සේවයේ නියුතු ගර්භනී මාතාවන් වෙනුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් 2024 මැයි මස 15 සහ 16 දෙදින තුළ ක්‍රියාත්මක කරනු ලැබීය.

යුද්ධ හමුදා ගර්භනී මාතාවන්ට සහයෝගය දැක්වීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලැබූ මෙම පරිත්‍යාග වැඩසටහන් 2 (ස්වෙච්ඡා) සහ 3 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායන්හී අණදෙන නිලධාරීන් වන මේජර් එස්.ජී.එම්. ප්‍රේමතිලක සහ මේජර් එච්.එච්.එච්. ද සිල්වා ගේ අධීක්‍ෂණය මත ක්‍රියාත්මක කෙරිණි. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් පිරිසක් ද සහභාගී වූහ.