Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

23rd May 2024 18:54:25 Hours

වෙසක් පොහොය දිනයට සමගාමීව ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් ධර්ම දේශනාවක්

වෙසක් පොහොය දිනයට සමගාමීව ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි වජිරා පෙරේරා මහත්මිය ගේ මඟපෙන්වීම මත එම සේවා වනිතා ශාඛාව වෙතින් 2024 මැයි මස 21 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී විශේෂ ධර්ම දේශනාවක් පැවැත්වීය.

නාරද බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය තලල්ලේ චන්දකිත්ති හිමිපාණන්ගේ ප්‍රධාතන්වයෙන් පැවති මෙම ධර්ම දේශනාවේදී, එදිනෙදා ජීවිතයේදී මනෝවිද්‍යාත්මක හා ජීව විද්‍යාත්මක සබඳතා පවත්වාගැනීම පිළිබඳව දැනුවත් කෙරිණි.

මෙම අවස්ථාව සඳහා උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී එන්ඩීසී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් පිරිසක් ද සහභාගී වූහ.