Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

23rd May 2024 19:00:31 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් යුද්ධ හමුදා ගර්භණී සෙබලියන් වෙනුවෙන් පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි උදුලා කස්තුරිමුදලි මහත්මියගේ මඟපෙන්වීම මත 7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ගර්භණී මාතාවන් වෙනුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් 2024 මැයි මස 14 දින ක්‍රියාත්මක කරනු ලැබීය.

7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරි මේජර් එම්.පී. සිංහාරගේ ගේ අධීක්‍ෂණය මත ගර්භණී කාන්තා සෙබලියන් වෙනුවෙන් සහයෝගය දැක්වීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.