Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

23rd May 2024 19:06:54 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් කෘතීම අත් පා ප්‍රදානය කිරීමේ වැඩසටහනක්

15 වන ජාතික රණවිරු දින සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් 2024 මැයි මස 19 දින කරන්දෙණිය ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී කෘත්‍රිම අත් පා ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය. විවිධ ස්වභාවික විපත්වලින් විපතට පත් කරන්දෙණිය සහ ඒ අවට ගම්මානවල වැසියන්ට සහය දැක්වීමට සහ මවුබිමේ ඒකීයභාවය වෙනුවෙන් මානුෂීය මෙහෙයුමට දායක වී අත් පා අහිමි වූ වීරෝදාර රණවිරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි වරුණි කුලතුංග මහත්මියගේ මඟපෙන්වීම යටතේ මෙම වැඩසටහන යටතේ කෘත්‍රිම පාද 27 ක් පරිත්‍යාග කරනු ලැබීය. මෙම ව්‍යාපෘතිය සඳහා රුද්‍රිගෝ මෙනෙවිය, Friends in Need Society සංගමය සහ කැපිටල් සිටි රොටරි සමාජයේ සියලුම සාමාජිකයන්ගේ අනුග්‍රාහකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී සහභාගී වූ අතර එම බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.