Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

22nd May 2024 17:37:36 Hours

විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවෙන් රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්

විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිතුමියගේ උපදෙස් මත එම ශාඛාව මගින් සංවිධානය කරන ලද රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් මැයි මස16 දින ‘Salute’ සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලදී.

එම රෙජිමේන්තුවේ භටපිරිස් විසින් එහිදී ප්‍රදේශයේ රුධිරය අවශ්‍යතාවයන් සහිත රෝගීන් වෙනුවෙන් රුධිරය පරිත්‍යාග කළහ. මෙම වැඩසටහන සඳහා විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් සහභාගී වූහ.