Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

22nd May 2024 17:37:08 Hours

ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්වීම පවත්වයි

ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්වීම 2024 මැයි මස 18 දින ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම මහා සභා රැස්වීමේදී 4Ever Skin Naturals පුද්ගලික සමාගමේ සභාපතිනි සහ එහි නිර්මාතෘ වන චාන්දනී බණ්ඩාර මහත්මිය විසින් රූපලාවන්‍ය වැඩසටහනක් පවත්වන ලදී.

අනතුරුව, ‘රණවිරුවා’ සඟරාවේ ප්‍රධාන සංස්කාරක ලුතිනන් කර්නල් සුජිත් චාමින්ද එදිරිසිංහ විසින් යුද්ධ හමුදා ප්‍රවීණයෙකුගේ ජීවිතය වෙනස් අයුරකින් දැකීමට අවස්ථාව සලසමින් යුද හමුදා ඉතිහාසය සහ යුද හමුදා සාහිත්‍යය පිළිබඳ දේශනයක් ද පවත්වන ලදී.