Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

21st May 2024 18:52:19 Hours

ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් දන්සලක්

15 වන ජාතික රණවිරු සැමරුම් දිනයට සමගාමීව ශ්‍රී පාද වන්දනාවේ යෙදෙන බැතිමතුන් වෙනුවෙන් ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් 2024 මැයි 18 වන දින දන්සලක් සංවිධානය කරන ලදී.

ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී මනෝරි වෙලගෙදර මහත්මියගේ උපදෙස් මත එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් මෙම දන්සල ශ්‍රී පලාබද්දල ඓතිහාසික රජ මහා විහාරස්ථාන පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.