Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

16th May 2024 18:06:11 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සමඟින් 306 - සී1 ජාත්‍යන්තර සිංහ සමාජය සුභසාධන වැඩසටහනක් ක්‍රියාත්මක කරයි

306 - සී1 ජාත්‍යන්තර සිංහ දිස්ත්‍රික්කයේ සිංහාධිපතිතුමන්ගේ උපදෙස් මත ආර්ථික හා ජෛව විවිධත්වයකින් යුත් කොස් සහ මී පැල තොගයක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය වෙත 2024 මැයි මස 15 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකක ප්‍රධාන කාර්යාලයේදී පිරිනැමීය.

යුද්ධ හමුදාධිපතිතුමන් සමඟින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූ මෙම උත්සව අවස්ථාවට 306 - සී1 ජාත්‍යන්තර සිංහ දිස්ත්‍රික්කයේ සිංහාධිපති පන්ථක දාබරේ මහතා, 306 - සී1 ජාත්‍යන්තර සිංහ දිස්ත්‍රික්යේ සිංහ කාන්තා සංසදයේ පළමු සිංහ කාන්තා දිල්රුක්ෂි දාබරේ මහත්මිය, 306 - සී1 ජාත්‍යන්තර සිංහ දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති සභාපති සිංහ මේජර් තුෂාර සමරතුංග (විශ්‍රාමික) සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ නිලධාරීතුමන් ද එක්වූහ.

මෙම අවස්ථාවේදී 306 - සී1 ජාත්‍යන්තර සිංහ දිස්ත්‍රික්කයේ සාමාජිකයින් විසින් පරිසර සංරක්‍ෂණය සහ ආර්ථික තත්වය වර්ධනය කිරීමේ අරමුණින් කොස් සහ මී පැල 2500 ක් යුද්ධ හමුදාධිපතිතුමන් සහ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වෙත භාර දෙන ලදී.

මෙම අවස්ථාවේ දී 306 - සී1 ජාත්‍යන්තර සිංහ දිස්ත්‍රික්යේ සිංහ කාන්තා සංසදයේ පළමු සිංහ කාන්තා දිල්රුක්ෂි දාබරේ මහත්මිය විසින් රුපියල් මිලියන 0.1ක් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ රණවිරු සුබසාධන ව්‍යාපෘති වෙනුවෙන් පරිත්‍යාග කරන ලද අතර, 306 - සී1 ජාත්‍යන්තර සිංහ දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති සභාපති සිංහ මේජර් තුෂාර සමරතුංග (විශ්‍රාමික) ආබාධිත රණවිරුවන්ගේ ප්‍රයෝජනය සඳහා රෝද පුටු දෙකක් පරිත්‍යාග කළේය.

සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය විසින් 306 - සී1 ජාත්‍යන්තර සිංහ දිස්ත්‍රික්කයේ දායකත්වය වෙනුවෙන් එහි සාමාජිකයින් වෙත සමරු තිළිණ ප්‍රදානයක් ද සිදුකෙරිණි.

අනතුරුව, 306 - සී1 ජාත්‍යන්තර සිංහ දිස්ත්‍රික්කය විසින්ද යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනියගේ ආදර්ශවත් සේවය ඇගයීමට ලක්කරමින් සමරු තිළිණ ප්‍රධානය කරන ලදී.

පරිසර සංරක්‍ෂණයේ වැදගත්කම සහ ජෛව විවිධත්වය තිරසාරව පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කරමින් මෙහිදී සංකේතාත්මකව කොස් සහ මී පැල, 14 සහ 61 පාබල සේනාංකයන් නියෝජනය කරමින් සහභාගි වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත පිරිනැමීම ද සිදු කරන ලදී.