Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

15th May 2024 14:17:57 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් ‘අභිමංසල - 3’ සුවතා නිකේතනයේ සංචාරයක

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් ‘අභිමංසල - 3’ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින වීරෝධාර රණවිරුවන්ගේ සුවදුක් විමසීමේ අරමුණින් 2024 මැයි මස 11 දින එහි සංචාරයක නිරත විය.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නෙලූකා නානායක්කාර මහත්මියගේ මගපෙන්වීම යටතේ මෙම සංචාරය සිදු කරන ලද අතර, එහිදී සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන් නේවාසිකව ප්‍රථීකාර ලබන වීරෝධාර රණවිරුවන් සමඟ සුහද කතාබහක නිරත විය. මෙම සංචාරයේදී රුපියල් 150000/- ක් වටිනා සන්නිවේදන උපකරණ පරිත්‍යාග කරන ලදී. අනතුරුව, සේවාවනිතා සාමාජිකාවන් විසින් ප්‍රථීකාර ලබන රණවිරුවන් සඳහා තේ පැන් සංග්‍රහයක්ද පිරිනමන ලදී.

අනතුරුව ඔවුන්ගේ විනෝදාස්වාදය සඳහා සංගීතමය වැඩසටහනක් ද පවත්වනු ලැබීය. මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් ද සහභාගී වූහ