Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

16th May 2024 15:25:42 Hours

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් ඉංජිනේරු බලකායේ සිවිල් සේවක මහතෙකු සඳහා නව නිවසක්

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සුභසාධනය ඉහල නංවාලීමේ ව්‍යාපෘතිවල තවත් පියවරක් ලෙස නිවාස අවශ්‍යතා සහිත ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ සිවිල් සේවක මහතෙකු සඳහා ඉදිකර දෙනු ලැබූ නව නිවස එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ෂම්මි ජයවර්ධන මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් 2024 මැයි මස 13 වන දින එම ප්‍රතිලාභීන් වෙත භාර දෙනු ලැබිය.

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ෂම්මි ජයවර්ධන මහත්මිය සහ ශ්‍රී ලංකා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක හා ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී සිවිල් සේවක එස්.ජී සුනිල් ගුණරත්න මහතා වෙත නව නිවස භාර දෙනු ලැබීය.

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ මූල්‍ය අනුග්‍රාහකත්වය මත 1 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස්හි ශ්‍රමය සහ තාක්‍ෂණික දැනුම උපයෝගී කරගනිමින් නව නිවස ඉදිකරන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එෆ් ජෝසප් යූඑස්පී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කාන්තා නිලධාරිනියන්, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මියගිය, රණක්‍ෂිතයට පත් හා විශ්‍රාමික, සේවයේ නියුතු රණවිරුවන් සහ සිවිල් සේවක මහතුන් සඳහා ස්ථීර නිවාස ලබාදීම අරමුණු කරගත් නිවාස ව්‍යාපෘතියේ තවත් පියවරක් ලෙස නව නිවස ප්‍රතිලාභියාගේ ඉල්ලීම පරිදි ඉදිකරන ලදී.