Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

13th May 2024 19:58:40 Hours

ඉංජිනේරු සේවා බලකායේ සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් පොත් පරිත්‍යාග වැඩසටහනක්

ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී සුරංගි අමරපාල මහත්මියගේ මගපෙන්වීම යටතේ පොත් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් 2024 මැයි මස 09 දින එම රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විය.මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය සහභාගි විය.

මෙම වැඩසටහන් දී 2023 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සහ 2022 වර්ෂයේ අ.පො.ස (සා/පෙළ) විභාගයෙන් විශිෂ්ට ජයග්‍රහණයන් දැක්වූ නිලධාරීන්ගේ, සෙසු නිලයන්ගේ සහ සිවිල් සේවක මහතුන්ගේ දරුවන් 200 දෙනෙකුට ත්‍යාඟ පිරිනැමීම සිදු කළේය.

මෙම වැඩසටහනේ දී පාසල් සිසුසිසුවියන් දිරිගන්වමින් පාසල් පොත් සහ ලිපි ද්‍රව්‍ය වලින් සමන්විත ත්‍යාඟ පාර්සල් ප්‍රධානය කෙරිණි.