Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

11th May 2024 07:48:17 Hours

යුද්ධ හමුදා සේවාවනිතා ඒකකයේ මූලිකත්වයෙන් යුද්ධ හමුදා සාමාජිකයින් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් වෙනුවෙන් වියළි ආහාර සළාක පරිත්‍යාගයක්

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයෙන්‍, අරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි සහ බටහිර රාජකාරියේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් 200 ක් පරිත්‍යාග කිරීම 2024 මැයි මස 10 දින සිදුකෙරිණ.

මෙම පරිත්‍යාග වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගි වූ යුද්ධ හමුදා සේවාවනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය ප්‍රතිලාභින් වෙත වියළි ආහාර සලාක පාර්සල් පරිත්‍යාග කළාය.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා සේවාවනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ නිලධාරි, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් එක්ව සිටියහ.