Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

09th May 2024 18:34:10 Hours

යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් කරන්දෙණිය ප්‍රදේශවාසීන්ට ඇස් කණ්ණාඩි පරිත්‍යාග වැඩසටහනක්

2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාව වෙතින් 2024 මැයි මස 06 දින කරන්දෙණිය ප්‍රදේශයේ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථාන ශ්‍රවණාගාරයේදී ඇස් කණ්ණාඩි පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි වරුණි කුලතුංග මහත්මියගේ සුරතින් ප්‍රතිලාභින් වෙත ඇස් කණ්ණාඩි 200 ක් බෙදාදෙනු ලැබීය. කරන්දෙණිය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවිත නඟාසිටුවීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් එස්.ඩී.ඩී. රසික කුමාර පීඑස්සී සහ එතුමන්ගේ භාර්යාව විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය.

මෙම වැඩසටහන සඳහා අවශ්‍ය මූල්‍යමය දායකත්වය එල්. පෙරේරා මහත්මිය ප්‍රමුඛ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් ලබාදුන් අතර අක්‍ෂි වෛද්‍ය අනුර ගුණතිලක මහතා, අනෝමි ගුණසේකර මහත්මිය සහ ආර්. දමයන්ති මහත්මිය විසින් මෙම වැඩසටහන සාර්ථකව පැවැත්විම සඳහා සහයෝගය ලබාදෙන ලදී.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක ප්‍රමුඛ එම බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ කමිටු සාමාජිකාවන් පිරිසක් සහභාගී වූහ.