Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

09th May 2024 20:17:08 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ මුලිකත්වයෙන් ගර්භණී මව්වරුන් වෙනුවෙන් පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන තවත් සුභසාධන වැඩසටහනක් වශයෙන් කටුනායක පිහිටි 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සේවයේ නියුතු නිලධාරීන්, සෙසුනිලයන් සහ සිවිල් සේවක මහතුන්ගේ ගර්භණී භාර්යාවන් වෙනුවෙන් අත්‍යවශ්‍යය භාණ්ඩ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 මැයි මස 04 දින ක්‍රියාත්මක කරනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි චන්දි රාජපක්‍ෂ මහත්මියගේ සංකල්පයකට අනුව 6 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් යූ.ඩී.කේ. පෙරේරා සහ අනුෂා වික්‍රමසිංහ මහත්මියගේ පූර්ණ මැදිහත්වීමෙන් මෙම පරිත්‍යාග වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්ගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත මෙම වැඩසටහන යටතේ ගර්භනී මව්වරුන් 45 දෙනෙකු වෙනුවෙන් ළදරු භාණ්ඩ පරිත්‍යාග කෙරෙණි.

මෙම වැඩසටහනේ දෙවන අදියර වශයෙන්, රිජ්වේ ආර්යා රෝහලේ විශ්‍රාමලත් හෙද නිලධාරිනී කේ.ඩී.අයි. පෙරේරා මහත්මිය විසින් ‘මව්වරුන්ගේ ප්‍රසව හා පශ්චාත් ප්‍රසව තත්වයන්’ යන තේමාව ඔස්සේත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවක් වන වෛද්‍ය මනෝරි මාරසිංහ විසින් ‘මව්කිරි දීම’ පිළිබඳවත් දේශනයන් පැවැත්වීය.

මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් පිරිසක් සහභාගී වූහ.