Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

09th May 2024 20:24:40 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ මුලිකත්වයෙන් ගර්භණී මව්වරුන් වෙනුවෙන් පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි උදුලා කස්තුරිමුදලි මහත්මියගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය සහ 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ රාජකාරී නියුතු ගර්භණී කාන්තා සෙබළියන් වෙනුවෙන් ළදරු භාණ්ඩ, වියළි ආහාර සලාක පාර්සල් සහ තවත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් බොරැල්ල ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2024 මැයි මස 02 දින ක්‍රියාත්මක කරන ලදී.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි උදුලා කස්තුරිමුදලි මහත්මිය, එම සේවා වනිතා ශාඛාවේ උප සභාපති ඉදුනිල් ජයකොඩි මහත්මිය විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. මෙම වැඩසටහනේදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සහ 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සේවයේ නියුතු ගර්භණී කාන්තා සෙබළියන් 16 දෙනෙකු වෙත එක් අයෙකුට රුපියල් 8000.00 ක වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කරනු ලැබීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ජේ.කේ.ආර්. ජයකොඩි ආර්ඩබ්ලිව්පී යූඑස්පි, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.