Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

09th May 2024 18:26:27 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් සෙසුනිලයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් වෙනුවෙන් වියළි ආහාර සලාක පරිත්‍යාගයක්

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ගේ සංකල්පයකට සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මියගේ මඟපෙන්වීම හා අධීක්‍ෂණය මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු සෙසුනිලයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් සහ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 මැයි මස 08 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදා සේවා වනිතා කාර්යාලයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගී වු යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මියගේ සුරතින් ප්‍රතිලාභීන් වෙත මෙම පරිත්‍යාගයන් සිදුකෙරිණි. ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු සෙසුනිලයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් සතු ආර්ථික දුෂ්කරතාවයන් වෙනුවෙන් සහන සැලසීමේ අරමුණින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය. එහිදී, සෙසුනිලයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් 200 දෙනෙකු වෙනුවෙන් මෙම පරිත්‍යාගයන් සිදුකෙරිණි.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටියහ.