Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

06th May 2024 16:24:25 Hours

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාව මගින් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාව මගින් එම රෙජිමේන්තුවේ සේවයේ නියතු යුද්ධ හමුදා සාමාජිකයන් සහ සිවිල් සේවක මහතුන්ගේ පවුල් වල පාසල් අධ්‍යාපනය ලබන දරුදැරියන්ගේ අධ්‍යාපන කටයුතු ඉහල නැංවීමේ අරමුණින් පාසල් දරුදැරියන් 200 දෙනෙකු සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ජනවාරි මස 19 දින සංවිධානය කරන ලදී. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ස්වෙන්ද්‍රිනි රොද්‍රිගූ මහත්මිය සහභාගි වූවාය.

මෙම උත්සව අවස්ථාවට සමගාමීව එම රෙජිමේන්තු සේවාවනිතා ශාඛාවේ හිටපු සභාපතිනියක වන තනුජා ඩයස් මහත්මිය විසින් යුද්ධ හමුදා සාමාජිකයෙකුගේ විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකු සඳහා රෝද පුටුවක් පරිත්‍යාග කළාය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් ද සහභාගි වූහ.