Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

25th April 2024 18:08:30 Hours

ගජබා සේවා වනිතා අලුත් අවුරුදු පොළ සාලියපුර දී පැවැත්වෙයි

ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහ එම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී දිලූපා පීරිස් මහත්මිය ගේ උපදෙස් මත අප්‍රේල් මස 9 දින සිට 11 දින දක්වා සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ‘ගජබා සේවා වනිතා අලුත් අවුරුදු පොළ - 2024’ පැවැත්විණි.

අලුත් අවුරුදු පොළ අවසන් දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය එහි නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වූහ. මෙම අලුත් අවුරුදු පොළට සමගාමීව කමාන්ඩෝ කේ - 9 ඒකකයේ සුනඛ සංදර්ශනයක්, යුද්ධ හමුදා පොලිස් හේවා බලකා යතුරුපැදි සංදර්ශනයක්, තූර්ය වාදක සංදර්ශනයක්, වායු රයිෆල් වෙඩි තැබීමේ සංදර්ශනයක් සහ ජනප්‍රිය ගායන ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් සජීවී සංගීත ප්‍රසංගයක් ඇතුළු විවිධ ඉසව් රැසක් පැවැත්විය.

සාලියපුර සහ ඒ අවට ප්‍රදේශවාසීන් මෙන්ම හමුදා සාමාජිකයින් විශාල පිරිසකට අලුත් අවුරුද්දට පෙර තම නිවසට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ සහනදායී මිලට ලබාගැනීමට මෙහිදී අවස්ථාව හිමිවිය.