Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

24th April 2024 17:21:17 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයෙන් මිහිඳු මහා විද්‍යාලයේ පාසල් ළමුන් සඳහා පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක්

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මගින් දියතලාව, කදුරුගමුව, මිහිඳු මහා විද්‍යාලයේ සිසු සිසුවියන් වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සඳුදා (අප්‍රේල් මස 22) දින පවත්වන ලදී.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මියගේ උපදෙස් මත එහිදී පාසල් ළමුන් 111 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදීම සිදුකෙරිණි.

මෙම අවස්ථාවට ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ නිලධාරී, එම ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.