Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

24th April 2024 17:14:45 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් වියළි ආහාර සලාක පරිත්‍යාග වැඩසටහනක් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම හිදී

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මගින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් සහ සිවිල් සේවක මහතුන් වෙත වියළි ආහාර සලාක ඇසුරුම් 200ක් බෙදාදීමේ වැඩසටහනක් 2024 අප්‍රේල් මස 22 දින දියතලාව, ගොල්ෆ් ක්‍රීඩා සමාජ ශාලා පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.

වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය සහභාගී විය.

මෙම අවස්ථාවට ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ නිලධාරී, එම ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.