Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

19th April 2024 10:51:12 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ශාඛාව අලුත් අවුරුදු උත්සවයක් පවත්වයි

සිංහල හා දමිළ අලුත් අවුරුද්දට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ශාඛාව මගින් සංවිධානය කරන ලද අවුරුදු උත්සවය 2024 අප්‍රේල් මස 09 දින එම රෙජිමේන්තු ක්‍රීඩා පිටියේ දී පැවැත් වූ අතර, ඒ සඳහා එම රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගි වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා බලකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සමගින් එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ආචාර්ය හිමාලි නියංගොඩ මහත්මිය සහභාගී විය.

අලියාට ඇස තැබීම, දෙහි ගෙඩ්ය හැන්ද මත තබාගෙන දිව්ම , බනිස් කෑම, බාධක දිවීම, පොල් අතු විවීම, කොට්ට පොරය, කනා මුටිට්ය බිදීම, කඹ ඇදීම, ඇතුළු සාම්ප්‍රදායික හා විනෝදාත්මක ජන ක්‍රීඩා රැසක් ඇතුළත් විය.

නීති සේවා, මානව හිමිකම් සහ මානුෂවාදී නීති අධ්‍යක්‍ෂක මණ්ඩලයේ අනුග්‍රහකත්වයෙන් ක්‍රීඩා ජයග්‍රාහකයන් හට වටිනා ත්‍යාග පිරිනමන ලදී.