Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

19th April 2024 10:54:43 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවෙන් එම රෙජිමේන්තු සිවිල්සේවක මහතුන් වෙනුවෙන් වියළි සලාක පාර්සල් බෙදා දෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවෙන් එම රෙජිමේන්තු සිවිල්සේවක මහතුන් වෙනුවෙන් වියළි සලාක පාර්සල් බෙදා දෙයි

සිංහල හා දමිළ අලුත් අවුරුදු දිනයට සමඟාමීව යුද්ධ හමුදා සාමාජිකයින් මුහුණ දෙන ආර්ථික අපහසුතා අවම කිරිම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවෙන් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේවයේ නියතු තෝරාගත් සිවිල්සේවක මහතුන් සඳහා 2024 අප්‍රේල් මස 09 දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී වියළි සලාක පාර්සල් බෙදා දෙන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි චන්දි රාජපක්ෂ මහත්මිය සමඟින් එම බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.කේ රාජපක්‍ෂ ආර්එස්පී විසින් ප්‍රතිලාභීන් වෙත සහනාධාර පාර්සල් බෙදා දෙන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් ද එක්ව සිටියහ.