Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

19th April 2024 10:59:37 Hours

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව අලුත් අවුරුදු සමරයි

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව මගින් එම බලකායෙහි නිලධාරීන්, සෙසු නිලයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් 2024 අප්‍රේල් මස 10 දින සිංහල හා දමිල අලුත් අවුරුදු උත්සවයක් කොස්ගම ප්‍රදේශයේදී පවත්වනු ලැබීය.

යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු බලකාධිපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී සහ එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නන්දනී සමරකෝන් මහත්මිය සම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වා උත්සවයේ කටයුතු ආරම්භ විය.

මෙම අළුත් අවුරුදු උත්සවය සඳහා බනිස් කෑම, කොට්ට පොරය,රබන් වාදනය, අලියාට ඇස තැබීම, කඹ ඇදීම, විවිධ ඇඳුම් තරඟය සහ තවත් සාම්ප්‍රදායික හා විනෝදජනක ක්‍රීඩා රාශියක් ඇතුලත් විය

අවුරුදු උත්සවය අවසානයේදී, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ක්‍රීඩා තරඟ ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග සහ කුසලාන ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට සහභාගි වූ යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සමගින් අලුත් අවුරුදු සම්ප්‍රදායන් හා සංස්කෘතිකාංග සමඟින් මෙම අවුරුදු උත්සවය සැමරූහ.