Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

18th April 2024 18:30:38 Hours

ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාව මගින් අලුත් අවුරුදු පොළක් සංවිධානය කරයි

ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාව මගින් සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පසුගිය බ්‍රහස්පතින්දා (අප්‍රේල් මස 11) වන දින කුරුවිට මහජන ක්‍රීඩාංගණයේදී සේවා වනිතා පොළක් සංවිධානය කරනු ලැබීය.

අලුත් අවුරුදු පොළ වෙනුවෙන් ගැමුණු හේවා බලකාය සහ ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව විසින් අත්‍යාවශ්‍ය භාන්ඩ, ලිපි ද්‍රව්‍ය සහ ගෘහ උපකරණ අලෙවිය සඳහා වෙළඳ කුටි විශාල ප්‍රමාණයක් ඉදිරිපත්කර තිබිණි. ගැමුණු හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.බී වෙලගෙදර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී සහ ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි මනෝරි වෙලගෙදර මහත්මියගේ උපදෙස් මත මෙම උත්සවය සංවිධානය කරන ලදී.

අලුත් අවුරුදු පොළ සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් පැමිණ සිටියහ.