Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

18th April 2024 18:51:16 Hours

කමාන්ඩෝ රෙජිමේන්තුව සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්වීමට සමගාමීව රූපලාවන්‍ය වැඩමුළුවක්

කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ 2024 වර්ෂය සඳහා වන වාර්ෂික මහා සභා රැස්වීමට සමගාමීව රූපලාවන්‍ය වැඩමුළුවක් මාර්තු මස 24 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථාන නිලධාරි නිවස්නයේ දී පැවැත්විණි.

‘4EVER’ පුද්ගලික සමාගමේ සම්බන්ධීකරණයෙන් චාන්දනී බණ්ඩාර මහත්මිය මෙම වැඩසටහන මෙහෙයවූ අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී නිමාලි රණතුංග මහත්මිය සහභාගි විය.

උත්සවයේ කටයුතු ආරම්භ කරමින් රට වෙනුවෙන් දිව්පිදූ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වා යුද්ධ හමුදා සේවා වනිතා ගීය ගායනා කළහ. අනතුරුව, නිමාලි රණතුංග මහත්මිය පැමිණ සිටි පිරිස ඇමතීය.

මහා සභා රැස්වීම අතරතුරදී සෞන්දර්යාත්මක අංග කිහිපයක් ද පැවැත් වූ අතර, මෙම අවස්ථාවට කමාන්ඩෝ රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් පී.ජි.පී.එස්. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නිලධාරීන් සහ එම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සහභාගී වූහ.