Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

18th April 2024 18:26:21 Hours

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයෙන් තේ පැන් සංග්‍රහයක්

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සනිටුහන් කරමින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මගින් පවත්වනු ලැබූ සියලු නිල තේ පැන් සංග්‍රහය යුද්ධ හමුදා මූලස්ථානයේදී පසුගිය බදාදා (අප්‍රේල් මස 17) වන දින පවත්වන ලදී. සම්ප්‍රදායික ආහාර වර්ග මගින් මෙම තේ පැන් සංග්‍රහය වඩාත් අලංකාරවත් විය.

මෙම අවස්ථාවට සහභාගී වූ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය විසින් සියලුම නිලධාරීන්, සෙසු නිලයන් සහ සිවිල් කාර්යය මණ්ඩල සාමාජිකයින් වෙත අලුත් අවුරුදු සුභ පැතුම් එක් කරනු ලැබූ අතර, එහිදී එතුමිය කාර්යය මණ්ඩලය සමඟින් සුහදව අදහස් හුවමාරු කරගනු ලැබීය.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගි වූහ.