Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

17th April 2024 17:19:01 Hours

විශේෂ බලකා සේවා වනිතා ශාඛාවෙන් ගර්භනී කාන්තාවන් සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක්

විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී අනෝජා පීරිස් මහත්මියගේ උපදෙස් මත බෝගස්වැව ප්‍රදේශයේ පදිංචි ගර්භනී කාන්තාවන් සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් පසුගිය බදාදා (අප්‍රේල් මස 10) දින සිදුකරනු ලැබීය.

විශේෂ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ අධීක්‍ෂණය යටතේ සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහනේ අරමුණ වූයේ එම අඩු ආදායම්ලාභී පවුල් සඳහා ආර්ථිකමය සහනයක් ලබාදීමයි.

මෙම අවස්ථාවට විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.