Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

16th April 2024 17:43:53 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ මුලිකත්වයෙන් සුබසාධක වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ වාර්ෂික වැඩසටහන් සැලැස්මට අනුව, මධ්‍යම අවි සහ පතොරම් ගබඩාව මගින් 2024 මාර්තු මස 31 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ ප්‍රධානත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ඉරේෂා ප්‍රනාන්දු මහත්මියගේ හා භඨකාර්ය සම්පාදක ආඥාපති - උතුර සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඊ.එම්.එම්. ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඕ ගේ උපදෙස් මත මෙම වැඩසටහන සිදුකරන ලදී.

වැඩසටහනේදී රණවිරු පවුල් වෙනුවෙන් වියළි අහාර සලාක පාර්සල් හා මූල්‍යමය පරිත්‍යාගයන් සිදු කළ අතර, ළමුන් සඳහා විනෝදාස්වාදය වැඩසටහනක් ද පවත්වා ත්‍යාග පාර්සල් බෙදා දෙන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සහභාගී වූහ.