Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

16th April 2024 17:46:21 Hours

ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ මුලිකත්වයෙන් අලුත් අවුරුදු පොළක්

ශ්‍රී ලංකා සංඥා බලකායේ භටපිරිස්හි අභිවෘද්ධිය වෙනුවෙන් එම බලකා සේවා වනිතා ශාඛාව විසින් උත්සව සමයේ අත්‍යාවශ්‍ය භාන්ඩ සහනදායී මිල ගණන් යටතේ මිලදී ගැනීම සඳහා අලුත් අවුරුදු පොළක් 2024 අප්‍රේල් මස 09 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාව සහභාගී වූ ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ගංගා හේරත් මහත්මිය සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් අයි.එච්.එම්.ආර්.කේ. හේරත් යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම වෙළෙඳ කුටි නිරීක්‍ෂණය කරන ලදී.

ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය, සංඥා පුහුණු පාසල සහ සංඥා බලසේනාව මගින් මෙම අලුත් අවුරුදු පොලෙහි සහල්, එළවලු, පලතුරු, මස්, රසකැවිලි, ඇඟලුම් සහ අනෙකුත් ගෘහ උපකරණ ඇතුළු අත්‍යවශය ද්‍රව්‍ය අතුලත් වෙළෙඳ කුටි රාශියක් ඇතුලත් වූහ.

භාන්ඩ මිලදී ගැනීම සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් පැමිණ සිටියහ.