Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

16th April 2024 17:41:02 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවෙන් එම රෙජිමේන්තුවේ සිවිල් සේවක මහතුන් වෙත වියළි ආහාර සලාක පාර්සල් බෙදා දෙයි

සිංහල සහ දමිළ අලුත් අවුරුද්දට සමගාමීව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාව විසින් 2024 අප්‍රේල් මස 9 දින, පොල්හේන්ගොඩ, නාරාහේන්පිට එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේවයේ නියුතු සිවිල් සේවක මහතුන් සඳහා වියළි සලාක පාර්සල් බෙදා දෙන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ප්‍රියන්තිකා ද සොයිසා මහත්මිය විසින් රුපියල් 5000.00 ක් වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක පාර්සල් බෙදා දෙන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ අනුග්‍රාහකත්වය මත මෙම පරිත්‍යාගයන් සිදු කළ අතර, මෙම අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සහභාගී වූහ.