Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

12th April 2024 16:57:25 Hours

සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු කේන්ද්‍රය වෙතින් විශේෂ අවශ්‍යතා සහිත ළමුන් වෙනුවෙන් අලුත් අවුරුදු උත්සවයක් පවත්වයි

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් විශේෂ අලුත් අවුරුදු උත්සවයක් පැවැත්වීම සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය විසින් සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු කේන්ද්‍රය වෙත 2024 අප්‍රේල් මස 09 දින රුපියල් 100,000.00 ක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකරනු ලැබීය.

ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ පවුල්වල විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු කේන්ද්‍රය පවත්වාගෙන යනු ලබන අතර එය ආරක්‍ෂක අමාත්‍යාංශය සහ රණවිරු සේවා අධිකාරිය යටතේ පාලනය වේ. මේ වනවිට, සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු කේන්ද්‍රය වෙතින් විශේෂ අවශ්‍යතා සහිත ළමුන් 102 දෙනෙකුගේ යහපැවැත්ම සහ සංවර්ධනය සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙමින් ඔවුන් වෙනුවෙන් රැකවරණය ලබාදෙනු ලබයි.

මෙම අවස්ථාවට සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජී.ජී.ආර්. මාදුගොඩ යූඑස්පී සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ නිලධාරීතුමන් ද සහභාගී වූහ.