Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

16th April 2024 00:02:04 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය අධ්‍යාපන සම්පත් පර්යේෂණ සහ තොරතුරු කේන්ද්‍රයෙහි නිරීක්‍ෂණ චාරිකාවක

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය 2024 අප්‍රේල් මස 02 දින සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ සහ තොරතුරු කේන්ද්‍රයෙහි නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

සංචාරයේදී එතුමිය එම මධ්‍යස්ථානයේ සිටින ළමුන් සමඟින් සුහදව අදහස් හුවමාරු කරගනිමින් ඔවුන්ගේ සුවදුක් විමසා ත්‍යාග පාර්සල් ප්‍රදානය කළ අතර, එහිදී ළමුන් විසින් සිය ගායන කුසලතා ඉදිරිපත් කරනු ලැබීය.

එම පරිශ්‍රයෙන් නික්ම යාමට පෙර එතුමිය අමුත්තන්ගේ සමරු සටහන් පොතෙහි සටහනක්ද තැබීය. අනතුරුව, ජානකී ලියනගේ මහත්මිය සහ අධ්‍යාපන සම්පත් පර්යේෂණ සහ තොරතුරු කේන්ද්‍රයෙහි අධ්‍යක්‍ෂතුමන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් එක්ව සිටියහ.