Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

16th April 2024 00:07:49 Hours

කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව අවුරුදු උත්සවයක් සංවිධානය කරයි

කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව 2024 සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් අවුරුදු උත්සවයක් පසුගිය සෙනසුරාදා (අප්‍රේල් මස 06) වන දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය සහභාගී වූහ.

අවුරුදු උත්සවයේ කටයුතු ආරම්භ කරමින් ජානකී ලියනගේ මහත්මිය ඇතුළු ආරාධිතයින් පිරිස ‘ගැමි ගෙදර’ හිදී සම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වා එම පරිශ්‍රයේ ඇති විශේෂ ස්ථාන නැරඹීමට එක් වූහ. මෙම අලුත් අවුරුදු උත්සවය සඳහා සාම්ප්‍රදායික අලුත් අවුරුදු ක්‍රීඩා සහ විනෝදජනක ක්‍රීඩා ද ඇතුළත් වූහ.

උත්සව කටයුතු අවසානයේදී යුද්ධ හමුදාධිපතිතුමන්, ජානකී ලියනගේ මහත්මිය ඇතුළු ආරාධිතයින් විසින් ජයග්‍රාහකයින් වෙත තිළිණ ප්‍රදානය කරන ලදී.

අලුත් අවුරුදු උත්සවය සඳහා කමාන්ඩෝ රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් පී.ජී.පී.එස් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී, රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින්, සිවිල් සේවක මහතුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද සහභාගී වූහ.