Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

12th April 2024 16:55:24 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් වියළි ආහාර සලාක පාර්සල් බෙදාදෙයි

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් එම ඒකකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් වෙත වියළි ආහාර සලාක පාර්සල් 200 ක් බෙදාදීමේ වැඩසටහනක් 2024 අප්‍රේල් මස 09 දින යුද්ධ හමුදා සේවා වනිතා කාර්යාල පරිශ්‍රයේදී ක්‍රියාත්මක කරනු ලැබීය.

යුද්ධ හමුදා සාමාජිකයින් මුහුණපාන ආර්ථික දුෂ්කරතාවයන් සඳහා සහන සැලසීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය සහභාගී වූ අතර එතුමියගේ සුරතින් මෙම වියළි ආහාර සලාක පාර්සල් ප්‍රතිලාභීන් වෙත පරිත්‍යාග කරනු ලැබීය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ නිලධාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද එක්ව සිටියහ.