Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

11th April 2024 15:11:09 Hours

ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක්

ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් 2024 අප්‍රේල් මස 09 දින 7 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා බලකායේදී තෝරාගත් යුද්ධ හමුදා සාමාජිකයන් සහ සිවිල් සේවක මහතුන් පිරිසක් වෙත වියළි ආහාර සලාක පාර්සල් 200ක් බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සුරංගි අමරපාල මහත්මියගේ සුරතින් ප්‍රතිලාභීන් වෙත එම වියළි ආහාර සලාක පාර්සල් බෙදාදෙනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.